ජනපති අද ජර්මන් විදේශ ඇමති හමුවෙයි...

ජනපති අද ජර්මන් විදේශ ඇමති හමුවෙයි...

by Staff writer 12-06-2025 | 8:51 AM

COLOMBO (News 1st) -ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(12) තවත් ජර්මානු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව තිබේ.

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ(11) ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් මහතා හමුවිය.

ඒ , බර්ලින් හි වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි.

රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරට සහයෝගීතාවය පුළුල් කෙරෙන නව මාර්ග පිළිබදව එහිදි සාකච්ඡා කර තිබේ.

තුන් දින නිල සංචාරයක් අරඹබින් ජනාධිපතිවරයා පෙරේදා රාත්‍රියේ ජර්මනිය බලා පිටත්ව ගියේ එරට ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුලු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්ව සිටී.