අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි....

අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ට වැඩි තද වැසි.. මුහුදු යෑමෙන් වළකින්නැයි උපදෙස්.

by Staff writer 12-06-2025 | 10:05 AM

COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදුවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරිමෙන් වළකින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.