හිටපු ජනපති රනිල්ගෙන් CIDයට ප්‍රකාශයක්..

හිටපු ජනපති රනිල්ගෙන් CIDයට ප්‍රකාශයක්..

by Staff writer 11-06-2025 | 6:29 PM

COLOMBO (News 1st) -හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නේය.

අද පස්වරු 3.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශ දීමෙන් පසු පිටව ගියේ ය.

එහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් කරුණු විමසා තිබුනේ බාල හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ඖෂධ හදිසියේ මිලදී ගැනීමට අදාළව 2022 සැප්තැම්බර් 26 සහ ඔක්තෝම්බර් 25 ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා පිළිබඳවයි.

රට තුළ ඖෂධ හිඟයක් පවතින බවත් තත්ත්වය වඩාත් බරපතල වන බැවින් ඊට පෙර ඖෂධ තොගයක් මිලදී ගත යුතු බවත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවල සඳහන් කර තිබුණි.