.webp)
නව රජයේ වැඩපිළිවෙළෙහි ප්‍රමුඛතා හඳුනා ගෙන ඊට සහයෝගය පළ කිරීම මෙම හමුවේ අරමුණ විය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය යන ආයතනවලින් ක්‍රියාත්මක කරන වැඩසටහන් විමසා බලා ඒවායේ ප්‍රමුඛතා හඳුනාගෙන ඊට මූල්‍ය හා තාක්ෂණික සහාය ලබා දීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
ටෝනි බ්ලෙයාර් ආයතනයේ නිලධාරීන් විසින් ගෝලීය වෙනසක් සඳහා සිදු කරනු ලබන මෙම ක්ෂේත්‍ර සංචාරයේදී සෑම අමාත්‍යාංශයකටම ගොස් වැඩසටහන් සමීපව නිරීක්ෂණය කරමින් වැඩසටහන්වලට සහාය දැක්වීමට මෙහිදී එකඟතාවකට පැමිණි ඇත.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපෝන්සු, ටෝනි බ්ලෙයාර් ආයතනයේ ආසියා පැසිෆික් උපදේශක අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ජලීල් රෂිඩ්, ආසියා පැසිෆික් කාර්ය මණ්ඩලයේ රාජ්‍ය අංශයේ සම්බන්ධතා ප්‍රධානී ඇනා ඒඩ්න්, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි තාක්ෂණ) බී.එම්.වී.එස්. බස්නායක, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (සංවර්ධන) ජානක ගීකියනගේ , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.