.webp)
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ලබන 13 වැනිදා දක්වා අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි.
අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා කිසිදු අය කිරීමකින් තොරව ගමන්වාර 36 ක් ක්‍රියාත්මක වේ.
මේ අතර විශේෂ බස් රථ සේවාව ද අදත් ක්‍රියාත්මකයි.
ඒ අනුව ජාතික පොසොන් උත්සවයට අනුරාධපුරයට යන සැදැහැවතුන් වෙනුවෙන් කොළඹ සිට අතිරේක බස් රථ 200ක් ධාවනයට එක්කර ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළේ ය.
මේ අතර පොසොන් උත්සව කමිටුවේ සභාපති, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසුරිය මහතා සඳහන් කළේ, අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් සියලු පහසුකම් සලසා ඇති බවයි.
අනුරාධපුරට පැමිණීමේදී පොලිතින් සහ ප්ලාස්ටික් රැගෙන ඒමෙන් වලකින ලෙස ඔහු සැහැහැවතුන්ගෙන් ඉල්ලීමක් කළේ ය.
සියලු ජලාශ පිරී ඇති බැවින් දිය නෑමේදී ඉතා ප්‍රවේසම් වන ලෙස ඔහු ජනතාවට දැනුම් දෙයි.