කෙහෙළියගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට..

කෙහෙළියගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට..

by Staff writer 11-06-2025 | 6:27 PM

COLOMBO (News 1st) -හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසේ  සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සිදු කරන පරික්ෂණවලට අදාළවයි

සෞඛ්‍ය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබා දී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරිම සම්බන්ධයෙන්  හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට චෝදනා එල්ල විය.