බේරුවලදී පොලීසියට පහරදුන් 5ක් අත්අඩංගුවට...

බේරුවලදී පොලීසියට පහරදුන් 5ක් අත්අඩංගුවට...

by Staff writer 10-06-2025 | 6:40 PM

COLOMBO (News 1st) - බේරුවල ධීවර වරාය ආසන්නයේදී පොලිස් නිලධාරීන්ට පහරදුන් පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි.

ලොරියක් හා පුද්ගලයික බස් රථයක් මාර්ගයෙන් ඉවත් කිරීමට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පහරදීම සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් තුන් දෙනෙකු ප්‍රතිකාර සඳහා, නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම බස් රථයේ හා ලොරියේ පැමිණි පිරිස.