.webp)
දෙරට අතර සංචාරක සහ ආයෝජන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කරගැනීම, මෙම සංචාරයේ අරමුණ වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජර්මනියේ තෙදින නිල සංචාරයක නිරත වන්නේ එරට ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ඇරයුමකට අනුවයි.
එම සංචාරයේදී ජනාධිපතිවරයා, එරට ජනාධිපති, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුලු පිරිසක් හමුවීමට නියමිතවේ.
මේ අතර ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයින් හමුවීමට ද, ජනාධිපතිවරයා සැලසුම් කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුලු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්, ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්වන බව, ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.