.webp)
ආසියානු කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තරගාවලිය මේ දිනවල පැවැත්වේ.
ශ්‍රී ලංකාව එහි තරග කරන්නේ D කාණ්ඩයෙනි.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය වූ මෙය, අද පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදීයි.
එහි පළමු අර්ධයේදී දෙපිලෙන්ම ගෝල වාර්තා නොවීය.
දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාව ගෝල 3ක් රැස් කළේ ය.
ප්‍රතිවාදී චීන තායිපේ කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ගෝලයක් පමණයි.
ඒ අනුව ගෝල 3ට 1ක් ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ය.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග 2කට සහභාගී වී ඉන් එක් තරගයක් ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට D කාණ්ඩයේ ලකුණු සටහනේ රැඳී සිටින්නේ 3 වැනි ස්ථානයේයි.
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ටර්ක්මෙනිස්ථානයට එරෙහිව පැවැත්වේ.