.webp)
ඒ සාමාන්‍යයෙන්, අසාමාන්‍ය දෙයක් යන තේමාව යටතේයි.
ලාංකේය රූපවාහිනී කලාවේ තීරණාත්මක මං සලකුණක් සනිටුහන් කරමින් එදා ඇරඹි සිරස TV නාලිකාව, නැවුම් ආකෘති ඔස්සේ විකාශය කළ වැඩසටහන් තුළින් මෙරට ලොකු කුඩා සැමගේ නෙත් සිත් පැහැරගත්තා.
රස පූර්ණ දෙස් - විදෙස් ටෙලි නාට්‍ය හරහා පොදු ජන රසාස්වාදය ලබාදෙන සිරස TV විකාශය කරන කලාත්මක, කාලීන, දේශපාලන වැඩසටහන් වටා අදටත් රොක්ව සිටින ප්‍රේක්ෂක ප්‍රජාව අති විශාලයි.
රියැලිටි TV හෙවත් ජාත්‍යන්තර ප්‍රමිතිකරණයෙන් යුත් ප්‍රාසාංගික රූපවාහිනී අත්දැකීම් මෙරටට හදුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ද සිරස TV.
සිරස සුපර්ස්ටාර් වැඩසටහන හරහා ගම්දනව්වල සිටින දක්ෂයින් වෙනුවෙන් එදා සිරස TV තැනූ වේදිකාවෙන් උපන් දක්ෂයින්, අද මෙරට ගායන ක්ශේත්‍රයේ දිදුලන තරු බවට පත්ව සිටියි.
පුංචි පහේ මං, සිරස ලක්ෂපති, පෙන්ටතලන්, ඩිබෙටර් වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂක විචාර දැනුම වර්ධනය කිරීමට ද සිරස TV පුරෝගාමී මෙහෙවරක නිරත විය.
ස්වභාවික විපත්, ආපදා වැනි අවස්ථා වලදී හුදී ජන සුබසෙත වෙනුවෙන් සිරස TV කැපවුණේ විපතට පත් ජනතාවට ලෙංගතු නෑයෙකු වෙමින්.
ඉතින්, අද මේ විදිහට සැමරෙන්නේ, ටෙලිවිෂන් නාලිකාවක උපන් දිනය නෙමෙයි.
රටේ ජන ජිවිතය තුළ ජීවත් වන, ජනතා හදගැස්ම හදුනන , ජනතාව විසින් ගොඩනැඟුන, ජනතාව විසින් ආරක්ෂා වන ජනතා මෙහෙවරක්.