අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අද අධිකරණයට..

ජනපති සමාව අනීතිකව භාවිත කර රැඳවියෙකු නිදහස් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි අද අධිකරණයට..

by Staff writer 09-06-2025 | 8:13 AM

COLOMBO (News 1st) -අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ ජනපති සමාව අනීතිකව භාවිත කර රැඳවියෙකු නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙනි.

52 හැවිරිදි බන්ධනාගාර අධිකාරිවරයා දකුණු කළුතර පදිංචිකරුවෙකි.