.webp)
මෙවර එහි තේමාව, '' අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු '' යන්නයි.
සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය නගරයේදී අද පැවැත්වීමට නියමිතයි.
ඒ, පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ, ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.
ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුණේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයී.
එහි ප්‍රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.
සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක්.
මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමි වේ.
කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් සියයට 30 ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.
පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙස ද, සයුර හැඳින්විය හැක.
මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබා දෙන සාගරය, අද වන විට බරපතල තර්ජනයකට ලක්ව ඇත.
ඉන් බරපතලම ගැටලුව වී ඇත්තේ, ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි.