.webp)
ආධාරක දෙකක් අතර විහිදෙන තනි අඛණ්ඩ ආරුක්කුවක් සහිත පාලමක් සඳහා මෙම "තනි ආරුක්කු පාලම" යන යෙදුම භාවිත කරනු ලබයි.
චෙනාබ් ගඟ හරහා ඉදිකර ඇති මෙම පාලම අයිෆල් කුළුණට වඩා මීටර් 35ක උසකින් යුක්ත බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම පාලම ගඟේ සිට මීටර් 359 උසින් පිහිටා ඇති අතර පාලමේ දිග මීටර් 1,315කි.
ඩොලර් මිලියන 160 කට වඩා වැය කර ඇති මෙම පාලම ඉදිකිරීම සඳහා ඉන්දීය දුම්රිය සේවයට වසර 20 කට වැඩි කාලයක් ගත වී තිබේ.
මෙම පාලම මගින් කාශ්මීරයේ නිම්න කලාපය සමග රටේ සෙසු ප්‍රදේශ දුම්රියෙන් සම්බන්ධ වීම විශේෂත්වයකි.