ශ්‍රී ලංකා පළමු ජාත්‍යන්තර එක්දින තරගය...

අඩ සියවසක් සපිරෙන ශ්‍රී ලංකා පළමු ජාත්‍යන්තර එක්දින තරගය...

by Staff writer 07-06-2025 | 10:05 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සිය පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කර අදට වසර 50ක් සපිරෙනවා.

1975 ජූනි 07වැනිදා මෙම තරගය පැවැත්වුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

එය 1975 ලෝක කුසලාන තරගාවලිය වීමත් විශේෂයක්.

එදා ශ්‍රී ලංකා කණ්ඩායමට අනුර තෙන්නකෝන් නායකත්වය දුන් අතර කොදෙව් කණ්ඩායම ක්ල්යිඩ් ලොයිඩ් නායකත්වය ලබා දුන්නා.

එදා ලකුණු 86කට දැවී ගිය ශ්‍රී ලංකාවට කඩුලු 9ක පරාජයක් අත්විය.

තරගයේ කෙටි ලකුණු පුවරුව 
ශ්‍රී ලංකාව 86 (37.2)
⁣කොදෙව්වන් 87/1 (20.4)