ප්‍රසන්නගේ ඇපෑල විභාගයට අභියාචනාධිකරණය දින දෙයි...

හිටපු ඇමති ප්‍රසන්නගේ ඇපෑල විභාගයට අභියාචනාධිකරණය දින දෙයි...

by Staff writer 06-06-2025 | 1:01 AM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මීතොටමුල්ල  ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටුකරදීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි, කියන සිද්ධියට අදාළ නඩුවේ චෝදනාවන්ට වරදකරු කෙරුණු තමන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙන අත්හිටවූ සිර දඬුවම් හා දඩ මුදල් අහෝසි කර එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ ඇපෑල ජූනි මස 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කළේ ය.

පෙත්සම මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීය.

විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද (05) දින නඩු විභාග කටයුතුවලට නොපැමිණි හෙයින් එම ඇපෑල පිළිබඳ විභාගය ජුනි මස 16 වනදා දක්වා කල් තබන බව විනිසුරු මඩුල්ල පැවසූහ.