රටවල් 12 ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම්

රටවල් 12 ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළුවීම තහනම්

by Staff writer 05-06-2025 | 7:23 AM

COLOMBO (News1st) - රටවල් 12 ක පුරවැසියන්ට අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝගයක් නිකුත් කර තිබේ.

එම නියෝගය බලාත්මක රටවල් වන්නේ,  ඉරානය, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, ගිනියාව, එරිත්‍රියාව, හෙයිටි,  ලිබියාව, සෝමාලියාව සහ සුඩානයටයි.

අදාළ නියෝගය ජුනි 9 වැනිදා සිට බලාත්මක වේ.

දූෂිත විදේශකයින්, සිය රටට ඇතුළු වීම වැළැක්වීම සඳහා එම තීරණය ගත් බව, ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ය.

සිය පළමු ධුර කාලය තුළ 2017 වසරේදී ද ඔහු රටවල් 07ක, පුරවැසියන්ට සිය රටට ඇතුළුවීම තහනම් කළේ ය.

නව තීරණයත් සමග සංචාරකයින්, සංක්‍රමණිකයින්, ව්‍යාපාරිකයින් මෙන්ම ග්‍රීන්කාඩ් හිමි පිරිස් වලට බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.