.webp)
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම නියෝගය නිකුත් කළේ, පැමිණිල්ල විසින් විත්තිකාරියට එරෙහිව ගොනුකර ඇති චෝදනා, සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කරමිනි.
සිර දඬුවමට අමතරව රුපියල් විසිදහසක දඩයක් නියම කළ විනිසුරුවරයා, එය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම කිරීමට ද නියෝග කළේ ය.
විත්තිකාරිය හා ඇගේ සැමියා විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධි ගබ්සා මධ්‍යස්ථානයකට පැමිණි කාන්තාවකට දරුවා ගබ්සා නොකර, බිහි කිරීමෙන් අනතුරුව අලෙවි කිරීමට පොළඹවා ගෙන තිබේ.
දරුවා බිහි කිරීමෙන් අනතුරුව විත්තිකාරිය, උපාය දූතයන් ලෙස යොදවා සිටි ළමා හා කාන්තා කාර්යංශ මූලස්ථානයේ කාන්තා පොලිස් සැරයන්වරියකට දින දෙකක් වයසැති දරුවා රුපියල් හැත්තෑ පන්දහසට අලෙවි කර තිබිණි.
පොලිස් නිලධාරීන්, ඇය අත්අඩංගුවට ගෙන තිබුණේ, එම අවස්ථාවේදීයී.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව දඬුවම් නියෝග ප්‍රකාශ කරමින් විනිසුරුවරයා පැවසූවේ, විත්තිකාරිය තිදරු මවක් ලෙස කර තිබෙන වරද, මනුෂ්‍ය සංහතිය කම්පාවට පත් කරන ක්‍රියාවක් බවයි.
එය ඉතා කණගාටුදායක සිද්ධියක් බව පැවසූ විනිසුරුවරයා, එවන් වරදකට ලිහිල් දඬුවම් ලබා දීමේ කිසිඳු හැකියාවක් නොමැති බව කියා සිටියා.
සෑම දරුවෙක්ටම සමාජ ආරක්ෂාව එක හා සමානව හිමිවිය යුතු බව පැවසූ විනිසුරුවරයා වින්දිත පාර්ශවයට සාධාරණයක් ඉටුවන ආකාරයේ දඬුවමක් විත්තිකාරියට ලැබිය යුතු බව අවධාරණය කළේ ය.
ඒ අනුව විත්තිකාරියට වසර හතක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා විත්තිකාරියගේ ඇඟිලි සලකුණු වාර්තා ලබා ගන්නා ලෙස ද, නියෝග කළේ ය.