ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට

චීන පොහොර නැව ගැන ප්‍රකාශයක් දෙන්න, ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමට.

by Staff writer 05-06-2025 | 2:17 PM

COLOMBO (News1st) - හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

ඒ, කාබනික පොහොර ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළවයි.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන්නැයි කළ දැනුම්දීමකට අනූව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණි තිබේ.