.webp)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තවදුරටත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ක පමණ වැසි ඇති විය හැකි වේ.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ, මුහුදු යාමේදී විමසිලිමත් වන ලෙසයි.
දිවයිනට බලපා ඇති තද සුළං සහ වර්ෂාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14 ක පුද්ගලයින් 7,236 දෙනෙකු, තවදුරටත් පීඩාවට පත්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ආරක්ෂිත ස්ථාන තුනක, පුද්ගලයින් 147 දෙනෙකු රඳවා ඇති බවයි.
කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල, පුත්තලම, මහනුවර, නුවරඑළිය, බදුල්ල, යාපනය, මන්නාරම, ගාල්ල සහ හම්බන්තොට වර්ෂාධික කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති දිස්ත්‍රික්ක වේ.
නිවාස හානි 1,917 වාර්තා වේ.
වැසි තත්ත්වය හමුවේ ජලාශ 6 ක වාන් දොරටු විවෘත කර ඇතැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
දිස්ත්‍රික්ක 5 කට පැනවූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි.
ගාල්ල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක, ඒ අතරට ඇතුළත් වේ.