.webp)
COLOMBO (News 1st)-සෙලෝජන් ලංකා (පුද්) සමාගම මගින් අපනයනය සදහා සූදානම් කළ ප්‍රථම ඖෂධ තොගය සංකේතාත්මකව හදුන්වා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද පැවැත්විය.
එහිදී එම සමාගමේ සභාපති වී. නඩරාජා මහතා විසින් එම ඖෂධ තොගය සංකේතාත්මකව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හදුන්වා දීම සිදු කෙරිණ.
හෘද රෝගීන් සදහා භාවිතා කරන මෙම ඖෂධ තොගය පේරු රාජ්‍ය සදහා අපනයනය කිරීමට සෙලෝජන් ලංකා (පුද්) සමාගම සැලසුම් කර තිබේ.
ඖෂධ තොගයේ වටිනාකම රුපියල් මිලියන 45කි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ, රජයක් ලෙස මෙරට දේශීය ඖෂධ නිෂ්පාදකයා දිරිගන්වමින්, ඖෂධ නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනයට දිය හැකි උපරිම සහය අඛණ්ඩව ලබා දෙන බවයි.
මෙම අවස්ථාවට ඖෂධ සහ සෞඛ්‍ය සේවා (පුද්) සමාගමේ කළමණාකාර අධ්යක්ෂ නිරෝෂන් ප්‍රනාන්ඳු මහතා සහ සෙලෝජන් ලංකා (පුද්) සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් ද එක්ව සිටියේ ය.