ප්‍රංශයේ පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ගැටුමක්

ප්‍රංශයේ පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ගැටුමක්

by Staff writer 01-06-2025 | 7:40 PM

COLOMBO (News 1st)-ප්‍රංශයේ පැරිස් අගනුවර පාපන්දු ප්‍රේක්ෂකයින් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් 559 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජර්මනියේ පැවැත්වූ යුරෝපා චැම්පියන්ස් ලීග් පාපන්දු අවසන් මහ තරඟයෙන් පසු, ප්‍රංශයේ සිට තරඟය නරඹමින් සිටි ප්‍රේක්ෂකයින් පිරිසක් අතර එලෙස ගැටුම හටගෙන ඇති බවයි.

ප්‍රංශයේ පැරිස් සෙන් ජර්මෙයි කණ්ඩායම හෙවත් PSG, ඉතිහාසයේ පළමු වරට යුරෝපා චැම්පියන්ස් ලීග් පාපන්දු ශූරතාව දිනා ගත්තේ ය.

එය සැමරීමට විශාල පිරිසක් පැරිස් අගනුවරට රැස්වුණු බව සඳහන් ය.

කෙසේ වෙතත් පැමිණි පිරිස් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

තවත් 190 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ඉන් 9 දෙනෙකු පොලිස් නිලධාරීන් ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කළහකාරී ලෙස හැසිරුණු පිරිස් වෙළෙඳසැල් කිහිපයක් සහ බස් නැවතුම්පොළක් කඩා දමා ඇති අතර මෝටර් රථයකටද ගිණි තබා ඇති බවයි.