විදුලි බිඳවැටීම් ගැන පැමිණිලි 50,000ක්...

විදුලි බිඳවැටීම් ගැන පැමිණිලි 50,000ක්...

by Staff writer 31-05-2025 | 9:53 AM

COLOMBO (News1st) - අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පැය 24ක් තුළ විදුලිය බිඳ වැටීම් 50,000ක් පමණ වාර්තා වී ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේ, පෙරේදා(29) රාත්‍රී 8 සිට ඊයේ(30) රාත්‍රී 8 දක්වා වාර්තාවී ඇති විදුලි බිඳ වැටීම්වලින්  29% ක් එනම්  14,030කට ආසන්න ප්‍රමාණයක් යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

විදුලිය බිඳවැටීම් වැඩිම සංඛ්‍යාව මධ්‍යම සහ බස්නාහිර පළාත්වලින් වාර්තාවී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මධ්‍යම පළාතෙන් විදුලි බිඳ වැටීම් 15,000ක් සහ බස්නාහිර පළාතෙන් විදුලි බිඳ වැටීම් 10,000ක් වාර්තාවී තිබේ.

ධම්මික විමලරත්න මහතා පැවසුවේ ඒ අතරින් මධ්‍යම පළාතේ බිඳවැටීම් 5,300ක්ද බස්නාහිර පළාතේ 1,700ක්ද යථා තත්ත්වයට පත්කර ඇති බවයි.

දිවයින පුරා විදුලිය බිඳ වැටීම් පිළිබඳ තොරතුරු, CEB ASSIT ජංගම දුරකතන යෙදවුම හරහා දැනුම් දිය හැකියි.