දෙදින තැපැල් වර්ජනය අවසන්...

දෙදින තැපැල් වර්ජනය අවසන්: ගොඩ ගැසුණු තැපැල් මලු 2,000ක ලිපි බෙදාහැරීම ඇරඹේ...

by Chathurika Jayasundara 31-05-2025 | 9:56 AM

COLOMBO (News1st) - වැඩවර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබූ තැපැල් මලු 2,000කට අධික ප්‍රමාණයක් බෙදාහැරීම ආරම්භ කර ඇතැයි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ  සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර මහතා පවසයි.

ඔහු පැවසුවේ ඊයේ(30) පස්වරුවේ සිය වැඩවර්ජනය අවසන් කළ බවයි.

බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් වැඩ වර්ජනයේ නිරතවූ බව ඔහු සඳහන් කළේ ය.