අනුදි ඔබට අපගේ ප්‍රණාමය!

ජාත්‍යන්තරය ඉදිරියේ, ලක්මව ඔසවා තැබූ අනුදි ඔබට අපගේ ප්‍රණාමය!

by Staff writer 31-05-2025 | 10:48 PM

COLOMBO (News1st)-72 වැනි ලෝක රූ රැජිණ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජන කළ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා සඳහා එක්වීමට හැකියාව නොලැබුණත් ඇය මේ තරගාවලිය පුරාම සුවිශේෂී දක්ෂතා දැක්වුවේ ය.

25 හැවිරිදි අනුදි, ශ්‍රී ලංකා රූ රුජිනක් ලෝක රූ රැජින තරගාවලියක තැබූ වාර්තා රැසක් අලුත් කරන්නට සමත්වීමත් විශේෂත්වයකි.

ඇය බහුමාධ්‍ය අභියෝගතා තරග අංශයේ ආසියානු කලාපයේ අනු ශූරතාව දිනා ගන්නටත් සමත් විය.

ඒ වගේම මේ තරගාවලිය පුරාවටම අනුදි අනිත් තරගකාරියන්ට ඉතා තියුණු තරගයක් ලබා දෙන්නටත් සමත් වුණේ, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය තුළ බබලවමින් ය.

අවසන් මහා තරගයේ දී අනුදි ජයග්‍රහනයක් නොලැබුවත්, ඇය ශ්‍රී ලංකාව දිනවා අවසන් ය.

ඒ මෙරට දියණියන්ට සහ කාන්තාවන්ට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙමින් ය.

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය තුළ ඉහළින්ම ඔසවා තැබූ අනුදි ඔබට අපේ  සුබපැතුම්..!