අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 30-05-2025 | 12:06 PM

COLOMBO (News1st) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි.

ඒ, පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 73කි.

1952 වසරේ බදුල්ලේදී උපන් අත්තනායක එම්. හේරත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස දශක දෙකකට අධික කාලයක් විද්‍යාර්ථයින්ට දැනුම ලබා දී තිබේ.

ඔහු විසින් සිංහල සාහිත්‍යය සම්බන්ධයෙන් විචාර ග්‍රන්ථ කිහිපයක් ද පළ කර තිබුණි.

අත්තනායක එම්. හේරත් මහතා ජනතාව අතර ජනාදරයට පත් වූයේ රූපවාහිනි වැඩසටහන්වල සම්පත් දායකයෙකු ලෙස දැක්වු සුහුරුතාව හේතුවෙන් ය.

හේරත් මහතා දරුවන් තිදෙනෙකුගේ සෙනෙහෙබර පියෙකි.