COVID ආසාදිතයින් සොයන්න PCR පරීක්ෂණ වැඩි කෙරේ

නව COVID ආසාදිතයින් හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණ වැඩි කෙරේ.

by Staff writer 29-05-2025 | 7:24 AM

COLOMBO (News 1st) - නව කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරිම වැඩි කර තිබේ.

ඒ , නව COVID - 19 ප්‍රභේදයෙන් එල්ල වන ගෝලීය තර්ජනය සැලකිල්ලට ගනිමින් ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, උණ සඳහා ඇතුළත් වන හෝ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ නිරීක්ෂණ කටයුතු ඉහළ දමන ලෙස ද අමාත්‍යාංශය රෝහල්වලට උපදෙස් දී ඇති බවයි.

නව COVID-19 ප්‍රභේදය පිළිබඳ මෙරට තත්ත්වය අඛණ්ඩව හා සමීපව නිරීක්ෂණය කරන බවත්, සීමාවන් පැනවීම සිදු නොකරන බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ ය.