අද සිට වැස්ස යළි වැඩිවෙයි....

අද සිට වැස්ස යළි වැඩිවෙයි....

by Staff writer 29-05-2025 | 7:33 AM

COLOMBO (News 1st) - අද(29) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

බස්නාහිර සහ සබරගමුව පළාත් වලට මෙන්ම නුවරඑළිය , මහනුවර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු , උතුරුමැද සහ වයඹ පළාත් වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වලට ද තද පැයට කිලෝමීටර් 30 - 40 පමණ දක්වා තද සුළං ද ඇති විය හැකිය.

මේ අතර ඇතැම් මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය ද ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.