.webp)
එම කොමිසම සඳහන් කළේ, එම වාර්තා භාර දීමට දුන් කාලය ඊයේ(27) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බවයි.
මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාර නොදුන් පුද්ගලයින් පිළිබදව පොලීසියට වාර්තා කරන බවද කොමිසම සඳහන් කළේ ය.
මැතිවරණ කොමිසම සඳහන් කළේ, 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම ඉදිරිපත් කළ යුතු බවයි.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නැයි මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලේකම්වරුන්ට මීට පෙර දැනුම් දී තිබේ.