COLOMBO (News 1st) - පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද(28) පෙරවරු 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ් මහතා පවසයි.
ඔවුන් එම තීරණයට එළඹ ඇත්තේ ඊයේ(27) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි
පෞද්ගලික හා විදේශිය විශ්ව විද්‍යාලවල සිසුන් පරිපුරක වෛද්‍ය සේවාවට බඳවා ගැනීමට විරෝධය පලකරමින් ඊයේ පෙරවරු 8ට එම වැඩ වර්ජනය ආරම්භ කළේ ය.