දකුණු මුහුදේදී ඇල්ලූ, කිලෝ 600කට අධික මත්ද්‍රව්‍ය

දකුණු මුහුදේදී ඇල්ලූ, කිලෝ 600කට අධික මත්ද්‍රව්‍ය

by Staff writer 28-05-2025 | 2:50 PM

COLOMBO (News 1st) - නාවික හමුදා භාරයට ගත් යාත්‍රා දෙකේ තිබූ හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 600 කට අධික ප්‍රමාණයක් පවතින බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා සමග යාත්‍රා දෙක අද (28) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ බවයි.

මත්ද්‍රව්‍ය තොගයේ නිශ්චිත බර ගණනය කිරීම් තවදුරටත් සිදුවේ.

අදාළ ධීවර යාත්‍රා දෙක නාවික හමුදා භාරයට ගැණුනේ දකුණු මුහුදේදී ඊයේ(27) කළ මෙහෙයුමකදී යි.