.webp)
පොලීසිය සඳහන් කළේ, ඒ අතර වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි යතුරු පැදියේ පැදිකරු ද වන බවයි.
තුසිත හල්ඔලුව මහතා ඉලක්ක කර ගෙන පසුගිය 17 වනදා එම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ, නාරාහේන්පිට වටරමුව් පාරේ පෞද්ගලික රෝහල් අසලදියි.
සිය නීතිඥවරයා මුණ ගැසීමට ගොස් ආපසු එමින් සිටියදී එම වෙඩි ප්‍රහාරය එල්ල වි තිබේ.
යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර තමාට පහර දී ලිපි ගොනුවක් ද රැගෙන ගිය බව තුසිත හල්ලොලුව මහතා කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද කාන්තාවක් ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන හෙට(29) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
2017-2019 සමයේ ජාතිය ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල තුසිත හල්ඔළුව මහතා, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේ ය.
ඉකුත් මැයි මස දෙවෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් ඔහු සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුව පසුගිය 15 වනදා හල්ඔලුව මහතාගෙන් පැය 07ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.