.webp)
හලාවත සිට කොළඹ දක්වා සහ කොළඹ හරහා ගාල්ල දක්වා සහ කන්කසන්තුරයේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර අගයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්ව දෙයි.
මෙම මුහුදු ප්‍රදේශවල මුහුද රළු විය හැකියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ධීවර ප්‍රජාව සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි.