ට්‍රම්ප්ගෙන් කැනඩාවට නව යෝජනාවක්.

ට්‍රම්ප්ගෙන් කැනඩාවට නව යෝජනාවක්.

by Staff writer 28-05-2025 | 8:45 AM

COLOMBO (News 1st) - ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස එක්වන්නේ නම්, කැනඩාවට ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමඟ නොමිලේ සම්බන්ධ විය හැකි බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, කැනඩාව එලෙස එක් නොවුනහොත් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමඟ එක්වීමට කැනඩාවට ඩොලර් බිලියන 61 ක් වැය වනු ඇති බවයි.

පුළුල් පරාසයක සතුරු අවි වලින් ආරක්ෂා වීම සදහා ඇමරිකානු ජනාධිපතිවරයා ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය, පසුගිය සතියේ හදුන්වා දෙනු ලැබීය.

කැනඩාව ප්‍රකාශ කළේ, එම මිසයිල පද්ධතිය සමඟ එක්වීමට කැමති බවයි.

කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මේ මාසය මුලදී ධවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.

එම අවස්ථාවේදී ට්‍රම්ප් කැනඩා අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් කළේ, කැනඩාව ඇමරිකාවේ කොටසක් බවට පත්කරන ලෙසයි.

නමුත් එම අවස්ථාවේ කැනඩා අග්‍රාමාත්‍යවරයා ඉතාමත් ආචාරශීලිව සහ ස්ථිරව එම ඇරයුම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, තම රට කිසි විටෙකත් විකුණා නොදමන බවයි.

ඒ අනුව මිසයිල ආරක්ෂණ පද්ධතිය ගෙනහැර දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා යළිත් කැනඩාව ඇමරිකාව දෙසට නම්මවා ගැනීමට උත්සහ කරන බව දේශපාලන විශ්ලේෂකයින් පවසයි.