රජයේ පුරප්පාඩු 15,000ක් වෙනුවෙන් නව බඳවා ගැනීම්...

රජයේ පුරප්පාඩු 15,000ක් වෙනුවෙන් නව බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය...

by Staff writer 27-05-2025 | 5:30 PM

COLOMBO (News 1st) - රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මගින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 4 සහ විශේෂ වියදම් ඒ්කක 2ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීමට නිර්දේශ කර ඇති බවයි.

ඒ අනුව අදාළ වාර්තා මගින් නිර්දේශීත බඳවා ගැනීමට සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.