.webp)
ඒ තිඹිරිගස්යාය ප්රදේශයේ සුපිරි මහල් නිවාසයක රැඳී සිටියදීයි.
දිසානායක මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක්.
සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතාගෙන් ප්රකාශයක් ලබා ගැනීමට නියමිතයි.
ගිනි අවිය සොයා ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
වැල්ලවත්තේ සුපිරි මහල් නිවාස සංකීර්ණයක පිවිසුමේදී කාන්තාවන් දෙදෙනෙකු සමග එම T56 ගිනි අවිය පසුගියදා පොලිස් භාරයට ගැණින.
රුවන්වැල්ල ප්රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ අදාළ කාන්තාවන් දෙදෙනොගෙන් කළ ප්රශ්න කිරීම්වලදීයි.