.webp)
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වන ඉන්දික කරුණාතිලක මහතා, මෙරට වෛද්‍ය අධ්‍යාපන කේෂත්‍රයේ පුරෝගාමියෙකි.
ඔහු, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ප්‍රජා සෞඛ්‍ය සඳහා වූ ආසියා පැසිෆික් අධ්‍යයන සම්මේලනය සහ අග්නිදිග කලාපීය වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ සංගමය වැනි ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධානය සමග කටයුතු කරමින් කලාපීය සහ ගෝලීය මට්ටමින් සැළකිය යුතු දායකත්වයක් ලබා දුන්නේ ය.
මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන්නේ, 2000 වසරේ ජුනි මාසයේ සිටයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ 20 වැනි උප කුලපතිවරයා ලෙස, ඔහු අද පත්වීම් ලැබුවේ ය.