රග්බි වෙනුවෙන් කමිටුවක් පත් කෙරේ

රග්බි වෙනුවෙන් කමිටුවක් පත් කෙරේ

by Staff writer 22-05-2025 | 10:35 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා අද (22) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, නිර්දේශිත ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා, සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත ක්‍රියාකාරී කාර්ය සාධක බලකායක් පත් කර ඇති අතර, එහි සභාපති ලෙස කටයුතු කරන්නේ, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක මහතායි.

දින 90 ක් තුළ නව නිලධාරීන් පත් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.