ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීම්..

ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් අනතුරු ඇඟවීම්..

by Staff writer 22-05-2025 | 6:28 PM

COLOMBO (News 1st) - ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම හම්බන්තොට සහ පෙළොන්නරුව දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ප්‍රභල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ , එම පළාත්ෙවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිවේ.

තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.