ලංවිම පෞද්ගලීකරණය වගන්තිය ඉවත⁣ට

විදුලිබල මණ්ඩල පෞද්ගලීකරණය කිරීමේ වගන්ති ඉවත් කරමින් නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

by Staff writer 21-05-2025 | 8:23 AM

COLOMBO (News 1st) - විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

ඒ අනුව මීට පෙර පනතෙන් විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර 
පෞද්ගලීකරණය කරමින් ප්‍රතිව්‍යූහතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉවත් කර තිබේ.

නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය කොටස් 4කට වෙන් කර 100%ක් රජය සතුව තබා ගැනීමේ වගන්ති ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අමාත්‍යාංශය පැවසුවේ කඩිනමින් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.