විදුලිබිල වැඩි කිරීම ගැන PUCSL කියන කතාව

විදුලි බිල වැඩි කිරීම ගැන ලංවිම යෝජනාව සමාලෝචනයට - මහජන උපයෝගීතා කොමිසම

by Staff writer 18-05-2025 | 1:27 PM

COLOMBO (News 1st) - විදුලිබිල සංශෝධනය සම්බන්ධයෙන්, ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව, සමාලෝචනය කරමින් ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන්(PUCSL) සභාව පවසයි.

ඉන් අනතුරුව, ඊට අදාළ ප්‍රතියෝජනාව සකස් කිරීමට නියමිතයි.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම සකස් කරන ප්‍රතියෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම, ලබන 20 වැනිදා ආරම්භ වේ.

පළාත් නවයම ආවරණය කරමින් ලබන 23 වැනිදා සිට වාචිකව සහ ලිඛිතව මහජන අදහස් ලබාගැනීමට නියමිතයි.

එම සියලු යෝජනා සහ අදහස් සැළකිල්ලට ගනිමින් අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන බව, මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ ය.

එම කොමිසම පැවසුවේ, ජුනි මස පළමු හෝ දෙවැනි සතියේ විදුලිබිල සංශෝධනය සම්බන්ධයෙන් වන අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන බවයි.

විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන්, ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාවලිය, ඊයේ (17) මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළේ ය.

ඉන් යෝජනා කර ඇත්තේ, සියයට 18.3 කින් විදුලි බිල ඉහළ නැංවීමටයි.