බටලන්ද වාර්තාව අධ්‍යනයට සිව් පුද්ගල කමිටුවක්....

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට නීතිපතිගෙන් සිව් පුද්ගල කමිටුවක්. - නීතිපති දෙපාර්තමේන්තුව

by Staff writer 18-05-2025 | 2:55 PM

COLOMBO (News 1st) - බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ඒ නීතිපති පාරින්ද රණසිංහ මහතා විසිනි.

නීතිපතිවරයා පත්කළ අදාළ කමිටුව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකයි.

කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයනි වෑගඩපොල සහ රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි යන මහත්ම මහත්මින්.

බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පවතින සාක්ෂිවලින් අධිචෝදනා ගොනුකළ හැකිද යන්න, සම්බන්ධයෙන් කමිටුව කරුණු අධ්‍යනය කරනු ඇතියි.

මීට අමතරව කාලාවරෝදය වූ වැරදි වේ නම් ඒවා හඳුනා ගැනීමද කමිටුවට පවරා ඇති වගකීමකි.

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ,තවදුරටත් විමර්ශනය කළ යුතු කරුණු වේ නම් ඒවා හඳුනාගැනීමද කමිටුවට පවරා ඇති බවයි.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කළේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, එම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර ඇති බවයි.

88/90 කාලසීමාවේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව සංවාදයක් යළි මතුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාර්තු 6 වැනිදා අල්ජසීරා රූපවාහිණියේ හෙඩ් ටු හෙඩ් වැඩසටහනේදී මතුකළ කරුණුත් සමගයි