කෞෂාල් සිල්වාට කැන්ගරු දේශයේදී අලුත් තනතුරක්...

එදා ක්‍රිකට්වලින් ලක්මව බැබළවූ කෞෂාල් සිල්වාට කැන්ගරු දේශයේදී අලුත් තනතුරක්...

by Staff writer 17-05-2025 | 9:15 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කෞෂාල් සිල්වා ඔස්ට්‍රේලියාවේ, මෙල්බන්හී ඩැන්ඩෙනොංග් ක්‍රිකට් සමාජයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරග 39කදී ශතක 3ක් සහ අර්ධ ශතක 12ක් සමගින් රැස් කර ගෙන ඇති ලකුණූ සංඛ්‍යාව 2099ක්.

මීට පෙර මෙම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු ලෙස කෞෂාල් සිල්වා ක්‍රීඩා කර ඇත.

මෙල්බන්හී පිහිටි මෙම පළමු පෙළ ක්‍රීඩා සමාජයේ නිල වෙබ් අඩවිය ඔහුගේ පත්වීම නිල වශයෙන් නිවේදනය කර තිබේ.

වික්ටෝරියා ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් මෙම පත්වීම සිදු කළ බව එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන්.