අත්අඩංගුවට ගත් අන්තරේ සිසුන්ට ඇප..

අත්අඩංගුවට ගත් අන්තරේ සිසුන්ට ඇප..

by Staff writer 17-05-2025 | 8:13 AM

COLOMBO (News 1st)-අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 9 දෙනා ඇප මත මුදාහැර තිබේ.

පොලිසිය පැවසුවේ, සැකකරුවන් ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප මද මුදාහැරි බවයි.

අධිකරණ නියෝග කඩ කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවල නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 9 දෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ නිලධාරී මණ්ඩල ඇතුළු පිරිසකට කොළඹ රෝහල් චතුරස්‍රයේ විරෝධතා පැවැත්වීම වළක්වමින් ඊයේ දහවල් නියෝගයක් නිකුත් කළේ, මරදාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා කළ ඉල්ලීමකට අනූවයි.

ඒ අනුව එම පිරිසට, අද පස්වරු 5 දක්වා රෝහල් චතුරස්‍රය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආශ්‍රිත මාර්ග වලට ඇතුළු වී විරෝධතා පැවැත්වීම තහනම් ය.