.webp)
ඒ, 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන සිදුවීමකට අදාළවයි.
හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා 5ක් යටතේ නඩුව අද ගොනු කෙරිණ.
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වැනිදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1,748,877.76ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි අල්ලස් කොමිසම පෙන්වාදී තිබේ.
මෙම නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකුත් නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21කුත් ඉදිරිපත් කිරීමට නියමිතයි.