by Staff writer 16-05-2025 | 7:29 AM
COLOMBO (News 1st) - මධ්‍යම නැගෙනහිර ඌව උතුරු හා උතූරු මැද පළාත්වල අද දිනයේ මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අණාවැකියේ සඳහන් වේ.
වයඹ උතුරු හා උතුරු මැද පළාත්වල පැයට කිලෝමීටර් 30 - 40 දක්වා තරමක තද සුළංද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.