.webp)
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, එම පක්ෂවල ලේකම්වරුන්ට හා ස්වාධීන කණ්ඩායම්වල නායකයින්ට ඒ පිළිබඳ දැනුම් දී ඇති බවයි.
ලැයිස්තුවල මන්ත්රීවරුන් නම් කිරීමේදී කාන්තා නියෝජනය සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් ද උපදෙස් නිකුත් කළ බව කොමිසම සඳහන් කළේය.
එම නම් ලැබුණු පසු පළාත් පාලන ඡන්ද විමසීමෙන් කොට්ඨාස මට්ටමෙන් ඡන්දයෙන් තේරීපත්වූ මන්ත්රීවරුන්ගේ නම් සමග ගැසට් මගින් ප්රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.
මැතිවරණ කොමිසම පැවසුවේ පළාත් පාලන ආයතනවල පිහිටුවීම ලබන මස 02 වැනිදා ආරම්භ කළ යුතු බවයි.