.webp)
පොලීසිය සඳහන් කළේ රාජාංගනය ප්රදේශයේ සිට නුවරඑළිය දක්වා විනෝද චාරිකාවක් පැමිණ නැවත යමින් සිටි පිරිසක් එම අනතුරට ලක්ව ඇති බවයි.
පසුගියදා 23 දෙනෙකුට දිවි අහිමවූ බස් රථ අනතුර සිදුවූ ස්ථානයට කිලෝ මීටර් කිහිපයක් දුරින් මෙම වෑන් රථ අනතුරු සිදුව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, පස් කණ්ඩියක ගැටී, යළි ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබූ බවයි.
පොලිසිය සැක පළ කරන්නේ කාර්මික දෝශයක් අනතුරට හේතුවන්නට ඇති බවයි.
තුවාල ලැබු 17 දෙනා, ප්රථිකාර සඳහා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇත.