මැයි මුල් සතිය තුළ සංචාරයකින් 33,000ක් දිවයිනට

මැයි මාසයේ මුල් සතිය තුළ සංචාරයකින් 33,000ක් දිවයිනට

by Staff writer 13-05-2025 | 9:41 PM

COLOMBO (News 1st) - 2025 මැයි මුල් සතිය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යා 33,910ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව, වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 930,794ක්.

මැයි 01 සිට මැයි 07 දක්වා සතිය පිරික්සීමේ දී 2023 හා 2024 වසරවල අදාළ සතිය තුළ පැමිණි සංචාරකයින් ප්‍රමාණයට වඩා වැඩි සංචාරක පිරිසක් 2025 වසරේ දී පැමිණ තිබීම විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව 2025 ජනවාරි - අප්‍රේල් කාලපරිච්ඡේදය තුළ දී වාර්තා වන සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් .

මෙය 2024 මුල් මාස 04 තුළ වාර්තා වූ ඩොලර් මිලියන 1,251.6ක සංචාරක ඉපැයීම් ප්‍රමාණය හා සැසඳීමේ දී 10.2%ක වර්ධනයක්

2025 අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 646.1ක සංචාරක ඉපැයීමක් සටහන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ ය.