නිවසක ඇති වූ ගින්නකින් තරුණියක් මරුට...

නිවසක ඇති වූ ගින්නකින් තරුණියක් මරුට...

by Staff writer 13-05-2025 | 3:31 PM

COLOMBO (News 1st) - කොට්ටාව පොහොරගොඩැල්ල ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් තරුණියක් මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ ඇය 18 හැවිරිදි වියේ පසුවන බවයි.

ගින්න ඇතිවන අවස්ථාවේ ඇය තනිව සිය නිවසේ රැඳී සිට ඇති බව සඳහන්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.