වැලිමඩ බස් රථ අනතුරින් පුද්ගලයෙකු මරුට...

වැලිමඩ බස් රථ අනතුරින් පුද්ගලයෙකු මරුට...

by Staff writer 11-05-2025 | 8:09 AM

COLOMBO (News 1st) - වැලිමඩ ඩයර්බා ප්‍රදේශයේදි මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් ඊයේ (10) සිදු වූ අනතුරෙන් පුද්ගලයකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, 56 හැවරිදි වැලිමඩ හත්දවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස මියගොස් ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූ 18 දෙනෙකු දියතලාව හා වැලිමඩ රෝහල්වල ප්‍රතිකාර ලබයි.

එලෙස ප්‍රපාතයකට පෙරළී ඇත්තේ, බණ්ඩාරවෙල  සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක්.